Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2020 20:35:32 Hours

අඩු ආදායාම්ලාභි පවුල් පාසල් සිසුන් සඳහා පාසල් උපකරණ භටපිරිස් සුරතින් බෙදාහැරේ

‘කොළඹ සමන්ති‘ පුණ්‍යායතන සංවිධානයේ පූජ්‍ය රංජිත් අබේවර්ධන පියතුමන් සහ සුජීවා රත්නායක මහත්මිය ගේ අනුග්‍රහය යටතේ 651 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණයෙන් 65 වන සේනාංකයෙහි 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස් අඩු ආදායම්ලාභි පවුල් සිසුන් හට පාසල් උපකරණ බෙදාදීමේ ව්‍යාපෘතියේ තවත් අධියරක් ඉකුත් අඟහරුවාදා (11) දින කානේෂ්පුරම් ප්‍රාථමික විද්‍යාලයේදී පවත්වන ලදී.

අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ ප්‍රයෝජනය සඳහා පාසල් උපකරණ බෙදාදීමේ මෙම පුණ්‍ය ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩි.එම්.එච්.ඩි. බණ්ඩාර ගේ උපදෙස් මත සංවිධානය කරන ලද අතර 19 වන ශ්‍රී ලංකා පාබල හමුදාවේ භටපිරිස්හි මූලිකත්වයෙන් පාසල් උපකරණ සිසුන් අතර බෙදාදුන්හ. bridge media | Women's Nike Superrep