Header

Sri Lanka Army

Defender of the Nation

14th February 2020 20:30:32 Hours

මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය සුහදත්වය ප්‍රවර්ධනය කිරීමේ සුහද හමුවක් පවත්වයි

මුලතිව් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් / පෞද්ගලික අංශයේ පරිපාලකයින් සහ ආරක්‍ෂක හමුදා සාමාජිකයින් අතර සුහදත්වය සහ අවබෝධතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සුහද හමුවක් ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින මුලතිව් ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් සංවිධානය කරනු ලැබිණි.

මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ සංකල්පයකට අනුව සහෝදරත්වය, සුහදතාවය සහ සහයෝගීතාවය තවදුරටත් ප්‍රවර්ධනය කිරීමේ අපේක්ෂාවෙන් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.

මෙම සුහද හමුවට මුලතිව් ප්‍රදේශයේ හැර අධිකරණ නිලධාරීන්, නියෝජ්‍ය පොලිස්පති, ඔඩ්ඩුසුඩාන් හා වැලිඔය ප්‍රාදේශීය ලේකම්වරු, 59, 64, 68 වන සේනාංකවල සේනාංකාධිපතිවරු, මුලතිව් රෝහලේ වෛද්‍ය නිලධාරීන් සහ පෞද්ගලික අංශයේ නිලධාරීන් රැසක් සහභාගී වූහ. Buy Sneakers | THE SNEAKER BULLETIN