14th February 2020 20:25:32 Hours
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් විසින් නිකුත් කරන ලද උපදෙස් වලට අනුකූලව, බුත්තල නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ (OCDC) පුහුණු දින වැඩසටහනේ එක්කොටසක් ලෙස සෙසුනිලයන් සඳහා ‘කාන්තා අයිතිවාසිකම්‘ පිළිබඳ දේශනයක් ඉකුත් බදාදා (12) දින එම පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්විණි.
නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ගේ ආරාධනයෙන් 2 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකායේ කපිතන් එච්.එම්.ඩි.එස්. සේනාරත්න විසින් මෙම දේශනය සිදුකරන ලදී.
මෙම ප්‍රයත්නයේ පරමාර්ථය වූයේ කාන්තාවන්ට පිරිමින්ට සමානව සැලකිය යුතු ආකාරය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීම සහ වැඩ කරන පරිසරය තුළ කාන්තාවන්ට සිදුවන හිරිහැර වැළැක්වීමයි. මෙම දේශනය ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහතික කර ඇති කාන්තාවන්ගේ නෛතික අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, කාන්තා අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සඳහා වන නීතිමය රාමුව, සේවා ස්ථාන තුළ මෙන්ම සමාජය තුළ කාන්තාවන්ට සිදුවිය යුතු ප්‍රචණ්ඩත්වයන් සහ ශ්‍රී ලංකා සන්දර්භය තුළ ගෘහස්ථ හිංසනය වැනි ප්‍රධාන කරුණු ආවරණය කරමින් පවත්වනු ලැබීය.
මෙම දේශනයට නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක සහ නිත්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහභාගි වූහ. Nike footwear | Air Jordan 1 Retro High OG "UNC Patent Leather" Obsidian/Blue Chill-White UK