14th February 2020 20:10:32 Hours
අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු 53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් ප්‍රිියන්ත සේනාරත්න පිළිගැනීමේ හමුදා ගෞරව බහුමාන සහිත උත්සවයක් ගනේමුල්ල කමාන්ඩෝ රෙජිමේන්තු මුලස්ථානයේදී ඉකුත් බ්‍රහස්පතින්දා (13) දින සංවිධානය කර තිබු අතර එහිදි යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව එතුමන් උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීමත් සමඟ රෙජිමේන්තු මධ්‍යස්ථානයට සපැමිණි මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න කමාන්ඩෝ රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් පිළිගත් අතර අනතුරුව එම නිලධාරි වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමා උණුසුම් අයුරින් පිලිගනු ලැබීය.
ඉන් අනතුරුව, මෙම අවස්ථාව සංකේතවත් කරමින් මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න කමාන්ඩෝ රෙජිමේන්තු මූලස්ථානයේ පැළයක් රෝපණය කිරිම ද සිදුකරන ලදී.
රට වෙනුවෙන් දිවිපිදු කමාන්ඩෝ රෙජිමේන්තුවේ විරෝදාර රණවිරුවන් අනුස්මරණය කරමින් මේජර් ජෙනරාල් සේනාරත්න රෙජිමේන්තු මූලස්ථානයේ පිහිටි රණවිරු ස්මාරකය අභියස පුෂ්පෝපහාර පුද කරන ලද අතර අනතුරුව පැවැති සියලුනිල තේපැන් සංග්‍රාහයකට සහභාගි වූ මේජර් ජෙනරාල් ප්‍රියන්ත සේනාරත්න කමාන්ඩෝ රෙජිමේන්තුවේ සියළුම නිලධාරීන් ඇමතිම ද සිදුකරන ලදී.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපිඨයේ සේනාවිධායක බ්‍රිගේඩියර් ක්‍රිෂාන්ත ගුණරත්න, කමාන්ඩෝ බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් ශානක රත්නායක ඇතුළු කමාන්ඩෝ රෙජිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි වූහ. Mysneakers | NIKE AIR HUARACHE