Header

Sri Lanka Army

Defender of the Nation

18th February 2020 13:16:55 Hours

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් රුවන්වැලි සෑය අභිමුව පැවති පුණ්‍යකර්මයක් සඳහා සහභාගි වේ

පූජනීය රුවන්වැලි මහා සෑයේ ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකාය ආරම්භ කොට 70 වසරක් සපිරීම නිමිත්තෙන් සෙනසුරාදා (15) දින සන්ධ්‍යාවේ අනුරාධපුරයේ පැවැති ‘ස්වර්ණමලී තුපාභිවන්දනා’ අති උතුම් පිංකම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ අතර මහා සංඝරත්නය හා බැතිමතුන් සමගින් යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මැතිණිය ද මෙම උතුම් පිංකමට සහභාගි වූහ.

ශ්‍රී කල්‍යාණි යෝගශ්‍රාම නිකායේ ප්‍රධාන ලේකම් සහ කහාව ගල්දුව වන ආරාමයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටක විශාරද අතිගරු පූජ්‍ය කහගොල්ලේ සෝමවංශ නායක හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම රාත්‍රි පිංකමේ ආසන ශාලා සකස් කිරීම, බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ගිලන්පස පූජා කිරීම සහ බැතිමතුන්ට ආහාරපාන ලබාදීම, ‘පෙරහැරක්’ පැවැත්වීම සහ අනෙකුත් පහසුකම් සැපයීම සඳහා ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ගජබා රෙජිමේන්තු මුලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් 300 කට අධික පිරිසක් සිය සහයෝගය ලබාදෙනු ලැබීය.

ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම නිකායේ නව භික්ෂූන් වහන්සේලාට ‘අක්තපත්‍ර’ පිරිනැමීම, පූජනීය රුවන්වැලි මහා සෑය ‘අටපිරිකර’ 50,000 ක් පිරිනැමීම, උඩරට හා පහතරට මල්, කප්රුක් හා ‘ගිලන්පස’ සහ සුවඳ දුම් පූජා කිරීම, ගුවනින් මල්පෙති දැමීම, චෛත්‍ය හා ජයශ්‍රී මහා බෝ සමිදු පරිශ්‍රය අවරණය වන පරිදි පහන් දැල්වීම සෙනසුරාදා (15) දින සන්ධ්‍යාවේ පැවති ප්‍රධාන උත්සවයේ විශේෂ අවස්ථා විය.

එම උත්සවය අතරතුර, සමස්ථ යුද්ධ හමුදාව නියෝජනය කරමින් යුද්ධ හමුදාධිපතිතුමන් දාගැබක අනුරුවක් නායක ස්වාමින් වහන්සේ වෙත පිරිනමන ලදී.

මෙම අති උතුම් පිංකමට සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ගජබා රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් මහින්ද රාජපක්‍ෂ විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව රුවන්වැලි මහා සෑයේ වත්මන් ප්‍රධාන සංඝනායක අති පූජ්‍ය පල්ලෙගම හේමරතන නායක හිමිපාණන්ගේ ආශිර්වාද ලබාගැනීම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ව ‘සංඝාවසය’ වෙත කැටුව යන ලදී. ඉන් අනතුරුව, මහ සංඝරත්නය ප්‍රමුඛ වර්ණවත් පෙරහැරකින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා චෛත්‍ය මලුව වෙත කැඳවාගෙන යනු ලැබීය. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන්ට, අග්‍රාමාත්‍ය ගරු මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ට සහ රටේ ඉදිරි ගමනට ආශීර්වාද කරමින් පැවැති මෙම උතුම් පිංකමට දහසකට අධික මහා සංඝරත්නය වැඩමකර සිටියහ.

මහා සංඝරත්නය විසින් අනුශාසනා සිදුකිරීමෙන් අනතුරුව අරම්භ වූ උත්සවයේ ආගමික වතාවත් ආරම්භ කිරීමට ප්‍රථම පළමු ගිලන්පස පූජාව සිදුකිරීම සඳහා ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හට ආරාධනා කරන ලද අතර එම නිකායේ ශ්‍රී සද්ධර්ම වංශ නිකායේ නව සංඝයා වහන්සේලාට ‘විජිනිපත්’ පිරීනැමීමට ද යුද්ධ හමුදාධිපතිතුමන්ට ආරාධනා කරන ලදී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය හා එම මැතිණිය, මියන්මාරයේ හිටපු තානාපති නන්දිමිත්‍ර ඒකනායක මහතා, දායකයින්, ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයින් සහ ආරාධිත අමුත්තන් රැසක් ඉරිදා (16) උදෑසන දක්වා පැවැත්වූ මෙම උතුම් පිංකම ආරම්භ කිරීමේ අවස්ථාවට සහභාගී වූහ. Mysneakers | Womens Shoes Footwear & Shoes Online