13th February 2020 11:45:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරි පාඨමාලා අංක 88 ට අයත් කෙඩෙට් නිලධාරීන් ඔවුන්ගේ පුහුණුවේ එක් අදියරක් ලෙස ඉකුත් බදාදා (12) දින ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයෙහි සංචාරයක නිරත වූහ.
ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානය වෙත සපැමිණි කෙඩෙට් නිලධාරින් එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ සේනාවිධායක කර්නල් එම්. එස් දේවප්‍රිය විසින් නිලධාරී නිවස්නයේදී ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය. ඉන් අනතුරුව එම බලකායේ කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ඔවුන් වෙත ඉදිරිපත් කරනු ලැබීය.
ඉන් අනතුරුව, කෙඩෙට් නිලධාරින් එම මූලස්ථානයේ පිහිටි සන්නද්ධ රථ නැරඹූ අතර එම සන්නද්ධ රථවල තාක්‍ෂණික උපාංග කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ඒ පිළිබඳ ඉතා උද්යෝගිමත් අයුරින් වැඩි අවධාණයක් යොමු කළහ.
රෙජිමේන්තු මූලස්ථානයේ පැවති මෙම අවස්ථාව වෙනුවෙන් ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකා රෙජිමේන්තු මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි l ඇතුළු එම රෙජිමේන්තුවේ මෙන්ම සන්නාහ සන්නද්ධ බලසේනාවේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරින් පිරිසක් ද සම්බන්ධ වූහ. bridge media | M2k Tekno