Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2020 14:08:51 Hours

නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානය විසින් සංස්කෘතික වැඩසටහනක් පවත්වයි

බුත්තල පිහිටි නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේදී ඉකුත් 8 වන සෙනසුරාදා පොහොය දින පැවති ධර්ම දේශනාවෙන් අනතුරුව එම මධ්‍යස්ථානයේ එළිමහන් සිනමා පිටියේදී විශේෂ සංස්කෘතික වැඩසටහනක් පවත්වනු ලැබිණි.

එම මධ්‍යස්ථානයේ නිලධාරීන්ගේ මනස ප්‍රබෝධමත් කිරීම සඳහා මෙන්ම අධ්‍යාත්මික, සංස්කෘතික සාරධර්ම හා ආකල්ප ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් මෙම වැඩසටහන දියත් කරන ලද අතර එම මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජයනාත් ජයවීර ඇතුළු නිත්‍ය කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක විය.

ගැමුණු හේවා බලකායේ භටපිරිස් විසින් ඉදිරිපත් කරනු ලැබූ සම්ප්‍රදායික නැටුම් අංගයන් සමඟ ඒකාබද්ධව නිලධාරි ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ කාර්ය මණ්ඩලයේ සාමාජික මේජර් නන්දන සෙනෙවිරත්න විසින් මෙම සංස්කෘතික වැඩසටහන මෙහෙයවනු ලැබීය.

මේජර් නන්දන සෙනෙවිරත්න විසින් ඉදිරිපත් කරනු ලැබූ සංස්කෘතික වැඩසටහන ප්‍රධාන වශයෙන් ඓතිහාසික මෙන්ම සම්ප්‍රදායික නර්තන අංගයන් මූලික කරගනිමින් පවත්වනු ලැබීය.

මෙහිදි, සාමාජිකයින් 13 දෙනෙකුගෙන් යුත් නර්තන කණ්ඩායමක් විසින් දෙවිවරුන් දොලොස් දෙනෙකු වෙනුවෙන් පවත්වනු ලබන ‘තෙල්මි’ නර්තන අංගය, ‘අස්නි’ නම් යක්‍ෂ නර්තන අංගයන්ගෙන් එකක් වන ‘කොහොඹ කන්කාරිය’ මෙන්ම පහතරට නර්තන අංගයක් වන ‘නාග රාක්‍ෂ’ (Cobra Mask) නර්තනයද ඉදිරිපත් කරනු ලැබිණි. මෙම විචිත්‍රවත් සන්ධ්‍යාව බෙර වාදකයින්ගේ සංදර්ශනයකින් පසු නිමාවට පත්විය. Authentic Nike Sneakers | nike air force 1 shadow , eBay