13th February 2020 14:20:51 Hours
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන, කර්මාන්ත හා සැපයුම් දාම කළමනාකරණ අමාත්‍යාංශය මගින් කරන ලද ඉල්ලීමක් මත නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ භටපිරිස් විසින් වාලච්චේනෙයි ප්‍රදේශයේ වල්බිහි වී දැනට අකර්මන්‍ය ත්ත්වයේ ඇති යළි පිළිසතර කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලදී. මෙම කම්හල පසුගිය වසර කිහිපය පුරා අකර්මන්‍ය තත්ත්වයේ පැවැති බැවින් එය යථාතත්ත්වයට පත් කිරීම සදහා මෙම තීරණය ගෙන තිබිනි.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් මීට දින කිහිපයකට ප්‍රථම කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබීය.
ඒ අනුව, නැගෙනහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රසික ප්‍රනාන්දු ගේ උපදෙස් පරිදි යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉකුත් සඳුදා (3) දින වල් පඳුරු වලින් වැසී ඇති අක්කර 20 ක භූමි ප්‍රමාණයක් සහිත මෙම කම්හල් පරිශ්‍රය කැණීම් දොඹකර ට්‍රක්රථයක්, එක් බැකෝ යන්ත්‍රයක් සහ බුල් ඩෝසර් යොදාගනිමින් මෙම ව්‍යාපෘතිය ආරම්භ සිදු කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන තිබිනි. Best Nike Sneakers | 【発売情報】 近日発売予定のナイキストア オンライン リストックまとめ - スニーカーウォーズ