Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2020 20:47:22 Hours

මහා පරිමාණයෙන් වී මිලදී ගැනීම් සිදු කිරීම වෙනුවෙන් යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණය හා පහසුකම් ලබාදෙයි

අතිගරු ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් මත මේ වනවිට දිවයින පුරා ඇති වී අලෙවිකරණ මණ්ඩලයේ (PMB) ශාඛා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හරහා යාපනය, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව් සහ බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථාන යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සම්බන්ධීකරණය හා අවශ්‍ය පහසුකම් සපයනු ලබයි.

මේ වසරේ ජනවාරි මස අවසාන සතියේ අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් විසින් මීට අදාළ කැබිනට් අනුමැතිය ලබාගැනීමෙන් අනතුරුව කිසිදු වංචනික ක්‍රියාවකට ඉඩ නොතබා ගොවීන්ගෙන් වී අස්වැන්න සෘජුවම මිලදීගැනීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය හා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට යුද්ධ හමුදාවේ සහයෝගය ඉල්ලා සිටින ලදී.

ඒ අනුව, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් කරන ලද ඉල්ලීමට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් යාපනය, වන්නි, නැගෙනහිර, කිලිනොච්චි, මුලතිව් සහ බස්නාහිර පළාතේ වී වගා කරන ප්‍රදේශවල බලධාරීන් සමඟ සමීප සහයෝගයෙන් වගකීම භාරගෙන කඩිනමින් කටයුතු කිරීම සඳහා බ්‍රිගේඩියර් අයි.පී කන්දේආරච්චි පත් කරන ලදී.

මෙම ව්‍යාපෘතියේදී, යුද්ධ හමුදා මුලස්ථානය මගින් ලබාදී තොරතුරුවලට අනුව බදාදා (12) දින සන්ධ්‍යාව වනවිට වී කිලෝග්‍රෑම් 4,192,410 ක් රුපියල් 209,620,500 / = කට මිල දී ගෙන ඇත. වී අලෙවිකරණ මණ්ඩලයේ (PMB) ශාඛා සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල විසින් ‘කීරි සම්බා’, ‘රතු නාඩු’, ‘සුදු නාඩු’ සහ ‘රතු දිගු නාඩු’ ආදී වී වර්ග මිලදී ගෙන තිබේ. jordan release date | Yeezy Boost 350 Trainers