Header

Sri Lanka Army

Defender of the Nation

13th February 2020 10:03:07 Hours

බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ යුද්ධ හමුදා සාමාජිකයින් දේශනයකට සවන් දෙයි

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ අධීක්‍ෂණය යටතේ එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් ‘සියදිවි නසාගැනීම් වැළැක්වීම’ පිළිබඳ විශේෂ දේශණයක් ඉකුත් බදාදා (12) දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් හා අධීක්‍ෂණය යටතේ යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය මෙම දේශනය පවත්වන ලෙස බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානයෙන් කරන ලද ඉල්ලීමක් මත පවත්වන ලද මෙම දේශනය සඳහා බටහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු නිලධාරීන් 25 ක් සෙසුනිලයින් 195 ක් සහභාගි වූහ.

තවද, මෙම දේශනය යුද්ධ හමුදා නිවාරණ වෛද්‍ය හා මානසික සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කර්නල් ආර්.එම්.එම් මොණරාගල විසින් මෙහෙයවනු ලැබීය. මෙම අවස්ථාවට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානයේ ජ්‍යෙෂ්ඨ යුද්ධ හමුදා නිලධාරීන් පිරිසක්ද සහභාගී වූහ. Running Sneakers Store | Entrainement Nike