13th February 2020 14:30:51 Hours
72 වන ජාතික නිදහස් දිනයට සමගාමීව අතිගරු ජනාධිපතිතුමන්ගේ උපදෙස් මත පෙබරවාරි මස 5 සිට 12 දින දක්වා සතියක කාලයක් පවත්වා ඉකුත් බදාදා (12) දින සන්ධ්‍යාවෙන් අවසන් වූ පොදුසමා කාලය තුළ නිවාඩු ගොස් සේවයට නොපැමිණි යුද්ධ හමුදා නිලධාරීන් 7 ක් සහ සෙසුනිලයින් 6091 ක් වාර්තා කර ඇත.
දිවයින පුරා පිහිටි අදාළ රෙජිමේන්තු මධ්‍යස්ථාන වෙත ඔවුන් පැමිණි පසු, රෙජිමේන්තු මධ්‍යස්ථානවලදී මීට අදාළ නීතිමය විධිවිධාන ක්‍රියාත්මක කරනු ලබයි.
මීට අමතරව, එම කාලය තුළ නාවික හමුදාවේ සහ ගුවන් හමුදාවේ ද නිවාඩු ගොස් සේවයට නොපැමිණි අයවළුන් ඔවුන්ගේ අස්කිරිම් වලට අදාළ සේවා ස්ථානයන් වෙත වාර්තා කර ඇත. best Running shoes brand | Saucony Lanzar JAV 2 - Unisex , Worldarchitecturefestival