13th February 2020 09:53:07 Hours
යාපනය අර්ධද්වීපයේ ගායන හා නර්තන හැකියාවන් ඇති තරුණ තරුණියන්ට අවස්ථාවක් ලබාදීමේ අරමුණින් යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් පවත්වනු ලබන ‘Jaffna Got Talent - 2020’ සඳහා තරඟකරුවන් තෝරාගැනීමේ පළමු වටය අඟහරුවාදා (11) දින පැවැත්විණි.
යාපනය විශ්ව විද්‍යාලයේ කලා අංශයේ විශේෂඥයින් ඇතුළු ප්‍රමුඛ විනිශ්චය මණ්ඩලයක් විසින් එම අර්ධද්වීපයේ උතුරු ලංකා පෙරදිග සංගීත සංගමයේ ගොඩනැගිලි සංකීර්ණයේදී පුරා තෙදිනක් පැවැති මෙම තරඟාවලිය වෙනුවෙන් සුදුසුකම් ඇති තරඟකරුවන් හා තරඟකාරියන් තෝරා ගන්නා ලදී.
යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සංකල්පයකට අනුව පැවැති මෙම වැඩසටහන සඳහා යාපනය ප්‍රදේශයේ දක්‍ෂතා ඇති තරුණ තරුණියන් 125 කට අධික පිරිසක් සහභාගි වූ අතර මිළඟ වටයට සුදුසුකම් ලැබීම සඳහා ඔවුන් දක්වන ලද උනන්දුව කැපි පෙනිනි. ඉකුත් අඟහරුවාදා (11) දින පැවති එහි සමාරම්භක උත්සවයට රංගන ශිල්පීන්ට අමතරව යාපනය අර්ධද්වීපයේ කීර්තිමත් කලාකරුවන් කිහිපදෙනෙකු ද සහභාගී වූහ.
යාපනය අර්ධද්වීපයේ ජීවත්වන තරුණ තරුණියන්ගේ සැඟවුණු සෞන්දර්යාත්මක කුසලතා එළිදැක්වීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබූ අතර ප්‍රේක්ෂකයින් ඉදිරියේ සිය කුසලතාවයන් එළිදැක්වීමට ප්‍රථම සුදුසුකම් ඇති තරඟකරුවන් හා තරඟකාරියන් මෙහිදි තෝරා ගන්නා ලදී.
එස්.පී.එම් සහ ආර් ශබ්දාගාරයේ සංගීත අධ්‍යක්‍ෂක මෙන්ම ශබ්ද ඉංජිනේරු ජී.ශාතියන් (මුරලි) මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. සූරිය කුමාර් මහතා, යාපනය විශ්වවිද්‍යාලයේ සංගීත අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පරමේෂ්වරී මහත්මිය, කලාපීඨයේ විශ්‍රාමික සංගීත ගුරු පොන් ශ්‍රී වාමදේවාන් මහතා, සංගීත අංශ ප්‍රධානී ආචාර්ය සුදාකර් සහ කිරුබාශක්ති කරුණා මහත්මිය, මිතිලි ආරුලයියා මෙනවිය, යාපනය විශ්වවිද්‍යාලයේ නර්තන අංශයේ කථිකාචාර්ය සත්‍යප්‍රිය ගජේන්තිරන් මහත්මිය, විශ්‍රාමික ගුරු නලිනි ශිවරාම් මහත්මිය, යාපනය ශුද්ධ පවුල් කන්‍යාරාමයේ ගුරු වසන්ති එඩ්වඩ් රෙජිනෝල්ඩ් මහත්මිය සහ යාපනය විශ්වවිද්‍යාලයේ නර්තන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය එස්. ධර්මේන්ද්‍රා මහත්මිය යන මහත්ම මහත්මින්එම අවස්ථාවට සහභාගි වු යාපනයේ කලාකරුවන්, සංගීතඥයින් සහ විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන් අතර විය.
මෙම ප්‍රාසාංගික ව්‍යාපෘතියට යුද්ධ හමුදා සාමාජිකයින් නිසි සහයෝගය ලබාදෙමින් තරඟකරුවන් ලියාපදිංචි කළ අතර උතුරු ලංකා පෙරදිග සංගීත සංගමයේ සංවිධායකයින් සමඟ සමීප සම්බන්ධීකරණයෙන් එම තේරීම්වට පැවැත්වීමට පහසුකම් සපයන ලදී.
මෙම අවස්ථාව සඳහා බලසේනාධිපතිවරුන්, අනෙකුත් නිලධාරීන්, සෙසු නිලයින් සහ ප්‍රදේශවාසීන් ද සහභාගී වූහ. Asics footwear | Nike Shoes