13th February 2020 15:00:51 Hours
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ මඟ පෙන්වීම යටතේ 8 වන ශ්‍රී ලංකා පාබල හමුදා සහ 2 (සෙව්) ශ්‍රී ලංකා පොදුසේවා බළකායන්ට අයත් නිලධාරීන් 7 දෙනෙකු සහ සෙසුනිළයින් 60 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් ඉකුත් ඉරිදා ( 9) දින පුජනීය කැළණිය රජ මහා විහාරස්ථානය පිරිසිදු කිරීමේ ප්‍රජා ව්‍යාපෘතියක් දියත් කරන ලදී.
මෙම ව්‍යාපෘතිය 141 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ සහ 141 වන බලසේනා මූලස්ථානයේ සහයෝගය ඇතිව පෙරදින එම විහාරස්ථානයේ පුරපසළොස්වක ආගමික වතාවත් වලින් පසු කැළි කසල වලින් අපවිත්‍ර වී තිබු එම පුජා භූමිය යළි පිරිසිදු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක කර තිබුණි. best Running shoes brand | Nike Running