13th February 2020 08:23:07 Hours
කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථානගත 571 වන බලසේනාව යටතේ ස්ථාපිත 9 වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ භටපිරිස් කිලිනොච්චි කන්දසාමි කොවිලේ පුද පූජා සඳහා සහභාගී වන හින්දු බැතිමතුන් හට ගමනාගමන පහසුකම් වැඩිදියුණුවට අවශ්‍ය බව සැලකිල්ලට ගනිමින් කොවිලේ කුරුක්කල්තුමා සමඟ සාකච්ඡා කර කෝවිල් පරිශ්‍රය වටා බිම් සකස්කොට බිම් කොටසක් නිසි ඉඩකඩ සහිතව තනා නිම කරන ලදී.
මෙලෙස සකසන ලද බිම් කොටස 57 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් බී.පී.එස්. ද සිල්වා ගේ උපදෙස් මත ඉදිකරන ලද අතර එය පළල අඩි 25 ක් සහ දිග අඩි 175 ක් වේ.
මෙය පසුගිය සිකුරාදා (7) දින කෝවිලට පවරාදෙන ලද අතර භාරදීමේ විධිමත් උත්සවය සඳහා 57 වන සේනාංකයේ සේනාංකාධිපති සහ 571 බලසේනාවේ බලසේනාධිපති නියෝජනය කරමින් නිලධාරීන් කිහිපදෙනෙකු ද සහභාගි වූහ. affiliate tracking url | 2021 New adidas YEEZY BOOST 350 V2 "Ash Stone" GW0089 , Ietp