14th February 2020 19:00:57 Hours
මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබු විශාලතම කණ්ඩායම ලෙස සැලකෙන පසුගියදා උසස්වීම් ලැබු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 20 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායම අද (12) දින මධ්‍යහනේ වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමු වූහ.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපතිතුමන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට සිය ප්‍රසංශාව පළ කළ අතරම ඔවුන්ගේ රාජකාරි කටයුතු වඩාත් උද්යෝගයෙන් යුතුව කරගෙන යන මෙන් ඉල්ලා සිටින ලදී.
මෙම අවස්ථාවට තවත් වටිනාකමක් එකතු කරමින්, ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා රිදී ආලේපිත අසිපතක අනුරුවක් උසස්වීම් ලැබූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට පිරිනැමීමට අමතරව පළමුවරට විශේෂතවම නිර්මාණිත කප්ලින්ස් (couplings) යුගලයක් ද නව මේජර් ජෙනරාල්වරුන් වෙත ලබාදීම විශේෂීතම අංගයක් විය.
යුද්ධ හමුදාධිපතිතුමන් සමඟ පැවැති මෙම සුහද හමුව සඳහා මේජර් ජෙනරාල් ආර්.එල්.සී ප්‍රනාන්දු, මේජර් ජෙනරාල් බී.බී රන්දෙණිය, මේජර් ජෙනරාල් බී.බී රන්දෙණිය, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එස් රාජකරුණා, මේජර් ජෙනරාල් ඒ.එල්.පී.එස් තිලකරත්න, මේජර් ජෙනරාල් ඩබ්ලිව්.එම්.ජේ.ආර්.කේ සේනාරත්න, මේජර් ජෙනරාල් ඒ.ජී.ඩී.එන් ජයසුන්දර, මේජර් ජෙනරාල්ර් එල්.පී.ආර් ප්‍රේමලාල්, මේජර් ජෙනරාල් ආර්.එම්.පී.ජේ. රත්නායක, මේජර් ජෙනරාල් ඩබ්.එල්.පී.ඩබ්. පෙරේරා, මේජර් ජෙනරාල් එස්.ඒ.ඩී.ඒ.ඩී ගුණවර්ධන, මේජර් ජෙනරාල් කේ.ඩබ්.ආර් ද ආබෘ, මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ සේනාරත්න, මේජර් ජෙනරාල් එන්.ඩී.එස්.පී නිවුන්හැල්ල, මේජර් ජෙනරාල් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර, මේජර් ජෙනරාල් ඒ.ඒ.අයි.ජේ බණ්ඩාර, මේජර් ජෙනරාල් එච්.ඊ.එම්.ආර්.බී.ටී හත්නාගොඩ, මේජර් ජෙනරාල් එච්.එල්.වී.එම් ලියනගේ, මේජර් ජෙනරාල් එච්.එම්.ටී.බී හංගිලිපොළ, මේජර් ජෙනරාල් එන්.ආර් ළමාහේවා, මේජර් ජෙනරාල් නුගේගොඩ සහභාගි වූහ. Best Nike Sneakers | nike fashion