Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 17:35:20 Hours

652 වන බළසේනාවේ මූලිකත්වයෙන් ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පවත්වයි

කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 652 වන බලසේනා බලප්‍රදේශයේ ස්ථානගත 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින කිළිනොච්චි, අක්කරායන්කුලම් ප්‍රදේශයේ පිහිටි ‘හොරණෑ හඬ’ ක්‍රිස්තියානි දේවස්ථානයේදී ‘ශ්‍රමදාන’ වැඩසටහනක් පැවැත්විය.

මෙම ව්‍යාපෘතිය 65 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් හේමන්ත බණ්ඩාර විසින් අධීක්‍ෂණය කරන ලද අතර 652 බලසේනාවේ බලසේනාධිපතිගේ සම්බන්ධීකරණයෙන් සිදුකරනු ලැබූ මෙම ප්‍රජා ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදා සාමාජිකයින් 11 දෙනෙකු සහ සිවිල් වැසියන් 6 දෙනෙකු සිය ශ්‍රම දායකත්වය ලබාදුන්හ. Sports News | Nike SB Dunk High Hawaii , Where To Buy , CZ2232-300 , Worldarchitecturefestival