Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2020 17:50:49 Hours

පසුගියදා අධිකාරියට පත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නව නිලධාරීන් සහ පවුල්වල සාමාජිකයින් සුහද හමුවක් සඳහා එක්වෙයි

ඉතා දුර්ලභ අවස්ථාවක් ලෙසින්, අභිනවයෙන් අධිකාරියට පත් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් සංවිධානය කළ සුහද හමුවක් ඉකුත් සිකුරාදා (07) දින අඹේපුස්සේ පිහිටි ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මූලස්ථානයේදී පවත්වන ලදී.

ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයින් එම රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක විසින් උණුුසුම් අයුරින් පිළිගනු ලැබීය. මෙම අවස්ථාවේදී නවතමයෙන් අධිකාරියට පත් නිලධාරින් විසින් ‘ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුව’ පිළිබඳව ඔවුන්ගේ භාර්යාවන් ඇතුළු පවුලේ සාමාජිකයින් ඉදිරියේ දී ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබීය.

මෙම සුහද හමුව අතරතුර දී, අධිකාරියට පත් නව නිලධාරින්ගේ පවුල් 10 ක සාමාජිකයින් විවිධ විනෝදාත්මක සහ එළිමහන් ක්‍රියාකාරකම් සඳහා සහභාගී වී මහත් ප්‍රීතියට පත් වූහ. දිවා ආහාරයට ප්‍රථම, එම රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත සපැමිණි අමුත්තන් සිංහ රෙජිමේන්තු කෞතුකාගාරය, ස්මාරකය, රෙජිමේන්තුවේ පිහිටි සිංහ කූඩුව, පරිසර හිතකාමී පුස්තකාලය ඇතුළු රෙජිමේන්තුවේ ස්ථාන කිහිපයක් වෙත කැටුව යනු ලැබූ අතර ඉන් අනතුරුව ඔවුන් වෙත එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ එක් කෙළවරකින් ගලා යන මා ඔය අභියස සිට තේ පැන් සංග්‍රහයක් පිළිගන්වනු ලැබීනි.

පසුව, එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී අමුත්තන් වෙනුවෙන් ඉතා අනර්ඝ දිවා ආහාර වේලක් සහ සංගීත සැඳෑවක් සූදානම් කර තිබූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් මනෝජ් මුදන්නායක සහ එම මැතිනිය, මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් පල්ලෙවෙල සහ එම මැතිනිය ඇතුළු රෙජිමේන්තු මාණ්ඩලික නිලධාරින් ද සහභාගී විය.

විනෝදකාමී හා ප්‍රීතිමත් දිනයක් ගත කිරීමෙන් අනතුරුව, ආගන්තුක සත්කාර සහ මිත්‍රශීලිත්වය පිළිබඳ මතකයන් තබමින් එදින සන්ද්‍යාවේ ඔවුන් අඹේපුස්සෙන් පිටත්ව ගියහ. Running sports | adidas poccnr jumper dress pants size