11th February 2020 17:20:49 Hours
දියතලාවේ පිහිටි ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ සේවයේ නියුතු සිවිල් සේවක මහතුන් සඳහා ඉදිකළ නේවාසිකාගාරය සහ නව ජල පොම්පාගාරය ඉකුත් සිකුරාදා (7) දින විවෘත කරනු ලැබීය.
මෙම ව්‍යාපෘතිය එම පාසලේ සේනාවිධායක බ්‍රිගේඩියර් ජී.එම්.සී.කේ.බී. ඒකනායකගේ නියෝග මත ක්‍රියාත්මක කරනු ලැබූ අතර මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ ආශිර්වාදය ද මේ සඳහා හිමිවිය. මෙම ජල පොම්ප කිරීමේ ඒකකය තුලින් දිනකට ජලය ලීටර් 160,000 ක ධාරිතාවක් පොම්ප කිරීමේ හැකියාවක් පවතින අතර පුහුණු පාසලේ සියළු සාමාජිකයින් වෙත ප්‍රමාණවත් තරම් ජලය සැපයීමේ හැකියාව ඇත.
ප්‍රගුණ හා සැඟවුණු වෙඩික්කරු පුහුණු පාසලේ ආරාධනයෙන් මධ්‍යම ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ලක්සිරි වඩුගේ පීත්ත පටිය කපා එම පහසුකම් දෙක යුද්ධ හමුදා සාමාජිකයින් සහ සිවිල් කාර්ය මණ්ඩලය වෙනුවෙන් විවෘත කරනු ලැබූ අතර සමරු ඵලකයක් ද නිරාවරණය කළ අතර එම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, නිලධාරීන්, සෙසු නිලයන් සහ සිවිල් සේවක මහතුන් ද සහභාගී වූහ. best Running shoes | Yeezy Boost 350 Trainers