Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2020 15:50:49 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ කෙඩෙට් නිලධාරීන් බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත වෙයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විද්‍යාපීඨයේ පුහුණුව ලබන කෙඩෙට් නිලධාරින් 38 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හමුදාගත ක්‍රියාකාරකම් පිළිබඳව ඔවුන්ට ලබාදීමට නියමිත පුහුණුවේ එක් අදියරක් ලෙස ඉකුත් ඉරිදා (9) දින බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සංචාරයක නිරත වූහ.

බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් පරිදි එම ආරක්‍ෂක සේනා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පුහුණු) මේජර් ඒ. ඊ. ඕ. ගමගේ විසින් එම කෙඩෙට් නිලධාරින් වෙත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉතිහාසය පිළිබඳව කෙටි හැඳින්වීමක් සිදු කරමින් ඊට අදාළ කාර්යභාරයන් පිළිබඳව ද අවබෝධයක් ලබාදෙන ලදී.

එම දේශනය අවසානයේ එයට සහභාගී වූ ශිෂ්‍යභට නිලධාරීන් විසින් දේශකයා වෙත සමරු තිළිණයක් ද ලබාදෙන ලදී.

මෙම අවස්ථාවට බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ බ්‍රිගේඩියර් ඩී.එම්.යූ.ජී. බණ්ඩාර ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ මාණ්ඩලික නිලධාරින් පිරිසක් ද සහභාගී වූහ. Sports Shoes | Patike