Header

Sri Lanka Army

Defender of the Nation

11th February 2020 16:50:49 Hours

682 වන බලසේනාව විසින් සිවිල් වැසියන් වෙත පොල් පැළ බෙදාදෙයි

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයක් මත යුද්ධ හමුදා මූලස්ථානය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘තුරු මිතුරු - නව රටක්’ ව්‍යාපෘතියට සමඟාමීව ජාතික පොල් සංවර්ධන අධිකාරියේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් පුදුකුඩිඉරිප්පු, වර්නවිල් ප්‍රදේශයේ සිවිල් වැසියන් අතර පොල් පැළ 200 කට අධික ප්‍රමාණයක් ඉකුත් සෙනසුරාදා (8) දින බෙදාදෙනු ලැබීනි.

682 වන බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස් කස්තුරිමුදලි ගේ අධීක්‍ෂණය යටතේ 4 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බළමුළුවේ අණදෙන නිලධාරී මේජර් එස්.එම්.පී බණ්ඩාර ගේ උපදෙස් මත එම ඒකකයේ භටපිරිස් විසින් මෙම ව්‍යාපෘතිය සංවිධානය කරනු ලැබීය. මෙම ප්‍රජා ව්‍යාපෘතිය මූලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම මත ක්‍රියාත්මක කරන ලද අතර මෙම පොල් පැළ බෙදාහැරීමේ උත්සවය සඳහා එම බළසේනාවේ කාර්ය මණ්ඩලය, නිලධාරින් සහ සෙසු නිලයින් රැසක් ද සහභාගී වූහ. Mysneakers | Ανδρικά Nike