Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 15:47:20 Hours

උසස්වීම් ලැබූ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපතිතුමන් හට හමුදා ගෞරවාචාර

අභිනවයෙන් මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබූ ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු ආඥාපති මේජර් ජෙනරාල් ආර්.එල්.සී.ප්‍රනාන්දු යුද හමුදා සම්ප්‍රදායානුකූලව ඉතා උණුසුම් අයුරින් එම මූලස්ථාන පරිශ්‍රයේදී පිළිගන්නා ලදී.

ඉකුත් බදාදා (05) දින එම මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි උසස්වීම් ලැබූ මේජර් ජෙනරාල්තුමන් හට එම මූලස්ථානයේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානූකූල කඳවුරු සම්මාන මුරයක් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාව සංකේතවත් කරමින් එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කළ එතුමන් ඉන් අනතුරුව පැවති තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. පසුව, එම මූලස්ථාන පරිශ්‍රයේදී භටපිරිස් ඇමතූ මේජර් ජෙනරාල් ආර්.එල්.සී ප්‍රනාන්දු විසින් භටපිරිස් වලට අදාළ රාජකාරි කටයුතු පිළිබඳව වැඩිදුරටත් කරුණු අවධාරනය කරන ලදී. Authentic Nike Sneakers | Mens Flynit Trainers