10th February 2020 18:15:20 Hours
53 වන සේනාංකයේ භටපිරිස් විසින් ඉනාමළුව සිට දිගම්පතන දක්වා වන කිලෝමීටර් 4 ක පමණ දුරක් මාර්ගය දෙපස පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය ඉරිදා (09) දින දියත් කරනු ලැබූ අතර ඊට ගුවන් හමුදා භටපිරිස්, පොලිස් නිලධාරින්, සීගිරිය ප්‍රාදේශීය සභා සහ නගර සභා සහ නගර සභා නිලධාරින් මෙන්ම ප්‍රදේශයේ ඇති සංචාරක හෝටල් හා සිවිල් සමාජ ක්‍රියාකාරීන්ගේ සහයෝගය ද ලැබී තිබිණි. මෙම ව්‍යාපෘතිය අතරතුර අවට පරිසරය පිරිසිදු කිරීමේ කටයුතු මෙන්ම මාර්ගය දෙපස හා පරිසරය ආරක්‍ෂා කිරීම පිළිබඳව වන දැනුවත් කිරීමේ පුවරු 20 ක් ද සවි කරන ලදී.
53 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් එච්.එච්.ඒ.එස්.පී.කේ සේනාරත්න මෙම ව්‍යාපෘතිය සඳහා සහයෝගය දැක්වූ සියළුම සංවිධානවල සාමාජිකයින් සමඟ සම්බන්ධතාවයෙන් වන පිරිසිදු කිරීමේ ව්‍යාපෘතිය සාර්ථකව දියත් කරනු ලැබීය. Nike footwear | Best Nike Air Max Shoes 2021 , Air Max Releases and Deals