Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 14:20:20 Hours

‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ යුද්ධ හමුදා සාමාජිකයින් පුහුණු කිරීමේ වැඩමුළුවක් පවත්වයි

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුවන් වනිගසුරිය ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ආත්මාරක්‍ෂක සටන් කලා ක්‍රමවේදයන් වැඩිදියුණු කිරීමේ අරමුණින් ‘ආත්ම ආරක්‍ෂාව’ පිළිබඳ වැඩමුළුවක් පෙබරවාරි මස 01 දින සිට 08 දින දක්වා එම ආරක්‍ෂක සේනා මුලස්ථානයේදී පැවැත්විණි.

යාපනය ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත ඒකක නියෝජනය කරමින් යුද්ධ හමුදා සාමාජිකයින් 31 දෙනෙකු සහභාගිවූ මෙම වැඩමුළුව 4 වන ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ ‘ආත්ම ආරක්‍ෂක’ සටන් කලා උපදේශකවරුන් විසින් මෙහෙයවනු ලැබීය.

මෙම වැඩමුළුවේ අවසන් ‘ආත්ම ආරක්‍ෂක’ සටන් පිළිබඳ පෙරහුරු සංදර්ශනය සහ සහතිකපත් ප්‍රදානෝත්සවය 2020 පෙබරවාරි මස 08 වන දින පැවැති අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු) ආඥාපති මේජර් ජෙනරාල් ලක්‍ෂමන් ප්‍රනාන්දු සහභාගි විය.

තවද, මෙම අවස්ථාව සඳහා ජ්‍යෙෂ්ඨ යුධ හමුදා මාණ්ඩලික නිලධාරීන්, අණදෙන නිලධාරීන් ඇතුළු සෙසුනිලයින් රැසක් සහභාගි වූහ. Authentic Nike Sneakers | NIKE AIR HUARACHE