Header

Sri Lanka Army

Defender of the Nation

10th February 2020 14:00:20 Hours

යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 7 වන සේනාවිධායක රාජකාරි අරඹයි

කලාඹය, සාලියවැව පිහිටි යුද්ධ හමුදා වෘත්තිය පුහුණු මධ්‍යස්ථානයේ 7 වන සේනාවිධායක ලෙස බ්‍රිගේඩියර් එස්.බී අමුණුගම ඉකුත් සිකුරාදා (07) දින ආගමික වතාවත් මධ්‍යයේ පැවැති උත්සවයකදී සිය රාජකාරි කටයුතු ආරම්භ කරනු ලැබීය.

වෘත්තිය පුහුණු මධ්‍යස්ථානය වෙත සපැමිණි නව සේනාවිධායක වෙත හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන මූරයේ ගෞරවාචාරය පිරිනැමීමෙන් අනතුරුව එම පුහුණූ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් ඉතා උණූසුම් අයුරින් පිළිිගනු ලැබීය.

නව සේනාවිධායක සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සංකේතාත්මක නිල ලේඛණයකට අත්සන් තබමින් සිය කාර්යාලයේදී නව ධූරයේ රාජකාරී භාරගන්නා ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා වෘත්තීය පුහුණු පාසලේ සේවය කරන නිලධාරීන් සහ සෙසුනිලයින් ඇමතූ නව සේනාවිධායකතුමන් සිය ධූරයේ රාජකාරී සිදුකරගෙනයාම සඳහා සියලුදෙනාගේ සහයෝගය අපේක්‍ෂා කරන බවද සඳහන් කළේය. Nike sneakers | Nike SB