11th February 2020 19:47:15 Hours
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් ශ්‍රී ලංකාවට සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ජෙනරාල් ඔලෙග් සැලියුකෝව් (Oleg Salyukov) දින පහක සුහද සංචාරය අවසන් කරමින් ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවන්ට අඛණ්ඩ සහයෝගය ලබාදෙන බවට සහතික වෙමින් ඉකුත් සිකුරාදා (7) දින උදෑසන දිවයිනෙන් නික්ම ගියේය.
යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්යප්රිය ලියනගේ සමගින් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ ගුවන්තොටුපලට සපැමිණි දිවයිනෙන් නික්මගිය එම ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය සංචරයේදී අතිගරු ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, ආරක්‍ෂක ලේකම්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් සමඟ ද්විපාර්ශවික සාකච්ඡා මාලාවක් සඳහා සහභාගි විය.
ඉරිදා (9) දින උදෑසන මේජර් ජෙනරාල් සත්යප්රිය ලියනගේ සහ ශිරෝමි ලියනගේ මහත්මිය විසින් ගුවන්තොටුපළෙන් පිටත්වීමට මිනිත්තු කිහිපයකට පෙර නියෝජිත පිරිසට ඔවුන්ගේ සුබ පැතුම් එක් කළහ.
එම අවස්ථාවේදී යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මෙම සංචාරයේදී ශ්‍රී ලංකාවේ සිදුකළ ක්‍රියාකාරකම් අලලා ලබාගත් ඡායාරූප ඇසුරින් සැකසුනු ඇල්බමයක් එතුමන් ප්‍රධානය කලේය.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් පෙබරවාරී මස (3) දින රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) මෙරටට පැමිණෙන ලදී. Buy Kicks | Men Nike Footwear