05th February 2020 12:03:53 Hours
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයෙන් නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා මාසයක් පුරා පැවැති ‘ඉංග්‍රීසි භාෂා පාඨමාලාව’ පනාගොඩ පුස්තකාලයේදී පැවති උත්සවයකදී ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින සාර්ථක ලෙස අවසන් විය.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ගේ උපදෙස් මත යුද්ධ හමුදා සාමාජිකයින් 25 දෙනෙකුන් මෙම පාඨමාලාව සාර්ථකව හදාරනු ලැබුහ.
බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති නියෝජනය කරමින් එම අවස්ථාවට පැමිණි කර්නල් ඩී.බී.සී ජයසිංහ සමාප්ති උළලේදී ප්‍රවීණතා සහතික බෙදා දුන්නේය.
මෙම පාඨමාලාව ඉංග්‍රීසි උපදේශක කපිතාන් ඒ.ජී.සී.ටී ඇන්තනි විසින් මෙහෙයවනු ලැබූ අතර බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානයේ පුහුණු අංශය භාර නිලධාරී මේජර් ඊ.ඒ.ඕ ගමගේ විසින් මෙම පාඨමාලාව සම්බන්ධීකරණය කරන ලදී. Authentic Nike Sneakers | Sneakers