05th February 2020 13:31:30 Hours
වන්නි ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි සිවිල් වැසියන්ගේ සුභසාධනය සඳහා තබන ලද තවත් පියවරක් වශයෙන් වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ මූලිකත්වයෙන් අනුරාධපුර, පෙමාදූව ප්‍රදේශයේ ජීවත්වන කේ. ඩී නන්දසේන මහතාගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරිම සඳහා ඉකුත් බ්‍රහස්පතින්දා (6) දින සුභ මෙහොතින් මුල්ගල තැබීය.
ස්ථිර පදිංචිය සඳහා නිවසක් නොමැතිකමින් දැඩි ආර්ථික දුෂ්කරතාවයන් මධ්‍යයේ ජීවත් වන සිව් දරු පියෙකු වන නන්දසේන මහතාට මෙම නිවස ඉදිකරදීම වෙනුවෙන් ඕස්ට්‍රේලියාවේ වෙසෙන පරිත්‍යාශීලියෙකු වන ජනත් ගුණසේකර මහතා මෙම නිවස ඉදිකිරීම සඳහා අවශ්‍ය මූල්‍ය අනුග්‍රහය ලබාදීමට ඉදිරිපත් වී ඇත. එමෙන්ම මෙම සමාජ සත්කාරය වෙනුවෙන් 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් සිය පුද්ගලික සබඳතාවයන් මත අවශ්‍ය සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත.
21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමා ජයපතිරණ ගේ අධීක්‍ෂණය යටතේ 212 වන බලසේනාවේ බලසේනාධිපතිගේ මඟ පෙන්වීම මත 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ භට පිරිස් විසින් මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කරනු ලැබීය.
මුල්ගල තැබීමේ උත්සව අවස්ථාව සඳහා 212 බලසේනාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, 5 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළමුළුවේ අණදෙන නිලධාරි සහ සහකාර සැලසුම් අධ්‍යක්ෂ, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, නිවාස ප්‍රතිලාභියාගේ පවුලේ සාමාජිකයන් ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී වූහ. Sport media | Nike SB