03rd February 2020 20:30:38 Hours
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුවේ නව කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් රුවන් වනිගසූරිය මින්නේරිය පිහිටි කාලතුවක්කු හමුදා පාසලේ ප්‍රථම නිල සංචාරය සිදු කළේය.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා පුහුණු පාසලේ සේනාවිධායක විසින් සිදු කරන ලද කෙටි හැදින්වීමකින් පසුව නව කර්නල් සේනාවිධායකතුමන් සමුහ ඡායාරූප සඳහා පෙනිසිටිම, පැළ සිටුවීම, යුද්ධ හමුදා සාමාජිකයින් ඇමතීම මෙන්ම පාසල් පරිශ්‍රය වටා සංචාරයක ද නිරත විය. අනතුරුව කාලතුවක්කු හමුදා පාසලේ සියළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මින්නේරිය කාලතුවක්කු සංකීර්ණයේදී දිවා භෝජන සංග්‍රහයක් සඳහා සහභාගි වීමෙන්ම අනතුරුව නිලධාරී නිවස්නයේදී පවත්වන ලද විනෝදාත්මක වැඩසටහනික් අනතුරුව එදින වැඩසටහන නිමාවට පත්විය.
මෙම අවස්ථාව සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති සහ නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක සහභාගී වූහ.
තවද, නව සේනාවිධායකතුමන් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින 7 වන ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා ඒකකයේ ද සංචාරයක නිරතවිය.
එම වැඩසටහනට සියළු නිළ තේ පැන් සංග්‍රහයක්, අණදෙන නිලධාරීතුමන්ගේ කෙටි හැදින්වීමක්, සඳුන් පැළයක් සිටුවීම මෙන්ම කඳවුරු සංචාරයකින් පසු වැඩසටහන නිමාවට පත්විය. මෙම අවස්ථාවට කාලතුවක්කු බලසේනාවේ බලසේනාධිපති, මධ්‍යස්ථාන සේනාවිධායක සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගී වූහ. Sport media | Women's Nike Air Jordan 1 trainers - Latest Releases , Ietp