03rd February 2020 22:00:38 Hours
ගම්පොළ ප්‍රදේශයේ පිහිටි ආපදා කළමනාකරණ පුහුණු පාසලේ භටපිරිස්, 111 වන බලසේනාවේ සහ 10 වන ගජබා රෙජිමේන්තුවේ මෙන්ම 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ නිලධාරීන් සහ යුද්ධ හමුදා සාමාජිකයින් ඉකුත් සිකුරාදා (31) දින ගම්පොළ සරසවිගම ප්‍රදේශයේ ගබඩාවක ඇති වූ ගින්නක් කඩිනමින් මැඩපැවැත්වීමට සමත්වුහ.
මේ සඳහා මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකය යටතේ ඇති 111 වන බලසේනාවේ නිලධාරින් 6 ක් සහ සෙසු නිලයින් 100 දෙනෙකු ගිනි නිවන භටයින් සමඟ එක්ව යුහුසුළුව ක්‍රියාත්මක වී බොහෝ දුෂ්කරතා මධ්‍යයේ මෙම ගින්න මැඩපැවැත්වීමට කටයුතු සිදු කරනු ලැබූ අතර එම අවස්ථාව සඳහා ගම්වාසීන්ගේ සහය ද හිමිවිය. Adidas shoes | Nike Air Max 270