05th February 2020 13:30:32 Hours
යුද්ධ හමුදා සේවා වනිතා ඒකකය සහ යාන්ත්‍රික පාබල රෙජිමේන්තු සේවා වනිතා ඒකකයේ මූල්‍ය ආධාර ඇතිව 2015 වර්ෂයේදී හදිසි අනතුරකින් ජීවිතක්‍ෂයට පත්වූ යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රණවිරුවෙකුගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් දඹුළුහල්මිල්ලෑව ප්‍රදේශයේ පිහිටි යාන්ත්‍රික පාබල රෙජිමේන්තු භටපිරිස් විසින් නව නිවසක් ඉදිකර දෙනු ලැබීය.
මිහින්තලේ ප්‍රදේශයේ ඉදිකරන ලද මෙම නව නිවස යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් සුමිත් අතපත්තු විසින් ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින එම රණවිරුවාගේ පවුලේ සාමාජිකයන් වෙත යතුරු භාරදීමෙන් අනතුරුව විවෘත කරනු ලැබීය.
මෙම නව නිවසෙහි ඉදිකිරීම් කටයුතු 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ ඉංජිනේරුවන් සහ කාර්මික ශිල්පීන්ගේ විශේෂඥ දැනුම උපයෝගී කරගනිමින් ඉදිකරනු ලැබීය.
මෙම අවස්ථාව සඳහා යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් එස්.ජේ ප්‍රියදර්ශන, නියෝජ්‍ය මධ්‍යස්ථාන සේනාවිධායක ලුතිනන් කර්නල් කේ.කේ.එස් පැරකුම්, 2 වන යාන්ත්‍රික පාබල රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් පී.අයි පුංචිහේවා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්/නිලධාරින් සහ එම රෙජිමේන්තුවේ සෙසු නිලයින් ද සහභාගී විය. Nike Sneakers Store | Air Jordan