05th February 2020 12:02:50 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ඉකුත් බ්‍රහස්පතින්දා (30) දින 65 වන සේනාංක මූලස්ථානයේ සහ එ් යටතේ ඇති ඒකකයන්හී කාර්යභාර්ය පිළිබද නිරීක්‍ෂණ චාරිකාවක නිරත විය.
65 වන සේනාංක මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි එතුමන් 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් හේමන්ත බණ්ඩාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර ඉන් අනතුරුව සේනාංකයේ කාර්යභාරය පිළිබඳව කිළිනොච්චි ආඥාපතිතුමන් වෙත කෙටි හැඳින්වීමක් සිදු කරනු ලැබීය. එමෙන්ම, 651 සහ 653 වන බලසේනාවන්හී බලසේනාධිපතිවරුන් ද සිය රාජකාරි ස්වභාවය පිළිබඳව කිළිනොච්චි ආඥාපතිතුමන්ව දැනුවත් කරනු ලැබීය.
ඉන් අනතුරුව, කිළිනොච්චි ආඥාපතිතුමන් 653 වන බලසේනාවේ සහ 17 වන (ස්වෙච්ඡා) ශ්‍රී ලංකා පාබල හමුදාවේ මෙන්ම මුලන්කාවිල් බලඇණි පුහුණු පාසලේ හා 19 වන ශ්‍රී ලංකා පාබල හමුදා ඒකකයේ සංචාරයේ නිරතවෙමින් එම ස්ථානයන්හී සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් සමග කෙටි අදහස් හුවමාරුවක ද නිරතවිය. Best Nike Sneakers | Air Jordan 1 Retro High OG "UNC Patent" Obsidian/Blue Chill-White For Sale – Fitforhealth