05th February 2020 12:04:50 Hours
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා භටපිරිස් ‘කොරෝනා වෛරසය’ ව්‍යාප්ත වීම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉකුත් බදාදා (5) දින පනාගොඩ පිහිටි බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථාන පරිශ්‍රයේ වැඩමුළුවක් පවත්වනු ලැබීය.
බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් කරනු ලැබූ ආරාධනාවක් මත පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහලේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ආර්.කේ.පී පුෂ්පකුමාර විසින් පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බළකා ශ්‍රවණාගාරයේදී මෙම දේශනය පවත්වනු ලැබිණි. Asics footwear | UOMO, SCARPE