Header

Sri Lanka Army

Defender of the Nation

05th February 2020 13:42:04 Hours

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අග්‍රාමාත්‍යතුමන් හමුවේ

වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ පස්දින සංචාරයක නියැලෙන රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) බදාදා (5) දින ගරු අග්‍රාමාත්‍යතුමන් හමුවීම සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත සපැමිණි අතර ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් එම විදේශ හමුදා ප්‍රධානී උණූසුම් අයුරින් පිළිගන්නා ලදී.

අග්‍රාමාත්‍යතුමන් අතර පැවති එම සාකච්ඡාවේදී දකුණු ආසියානු කලාපය සහ ආර්ථික කේන්ද්‍රස්ථානයක් ලෙස එහි වර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් ද්විපාර්ශ්වික වැදගත්කමක් ඇති කරුණු පිළිබඳව අදහස් හුවමාරු කර ගත්හ.

මෙම සුහද හමුව අවසානයේ රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි විසින් අග්‍රාමාත්‍යතුමන් වෙත සිය සුභපැතුම් එක්කරමින් සමරු සිහිවටනයක් පිරිනමන ලදී.

අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවති මෙම අවස්ථාව සඳහා මාහාචාර්ය ජී.එල් පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් මහතා සහ රුසියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක සම්බන්ධීකාරක නිලධාරී ද සහභාගි විය. bridgemedia | Air Jordan XXX1 31 Colors, Release Dates, Photos , Gov