05th February 2020 12:05:50 Hours
රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) බදාදා (5) දින උදෑසන කොළඹ පිහිටි ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් හමුවු අතර එහි සපැමිණි රුසියානු හමුදා ප්‍රධානි උණූසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ගෞරව සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබීය.
අනතුරුව ගුවන් හමුදාධිපති සහ රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අතර පැවති සුහද හමුවේදී ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම් පිළිබඳ කථිකා කිරීම මෙන්ම කලාපීය හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු ද පිළිබඳව ද කරුණු සාකච්ඡාවට බදුන්විය. මෙම සුහද හමුව අවසානයේ දෙපාර්ශවය අතර සමරු සිහිවටන හුවමාරුවක්ද සිදුවු අතර ගුවන් හමුදා මූලස්ථානයෙන් පිටත්ව යාමට ප්‍රථම රුසියානු හමුදා ප්‍රධානි ගුවන් හමුදා මූලස්ථාන විශේෂිත අමුත්තන් සඳහා වු සමරු සටහන් පොතේ සිය සමරු සටහනක්ද තැබීය.
වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයෙන් පස්දින සංචාරයක් සඳහා රුසියානු ජනරජයේ භූමි මෙහෙයුම් ප්‍රධානි ඔලෙග් සල්යුකොව් (Oleg Salyukov) මෙරටට පැමිණෙන ලදී. latest Running Sneakers | nike air force 1 shadow , eBay