03rd February 2020 16:46:38 Hours
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් (Oleg Salyukov) සිය ශ්‍රී ලංකා සහෘදයාගේ ආරාධනයෙන් අද (3) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ශ්‍රී ජයවර්ධනපුර පිහිටි රණවිරු ස්මාරකය වෙත ගොස් රට වෙනුවෙන් දිවිපිදු වීරෝධාර රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
අඩි 80 ක් උසැති රණවිරු ස්මාරක පරිශ්‍රය වෙත සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන විසින් පිළිගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදා පොලිස් හේවා බළකා භටපිරිස් විසින් එදින ප්‍රධාන ආරාධිත අමුත්තාව විශේෂ පීඨිකාව වෙත කැටුව යාමෙන් අනතුරුව එතුමන් විසින් මියගිය රණවිරුවන් වෙත පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
රණවිරුවන් අනුස්මරණය කිරීම වෙනුවෙන් විනාඩි දෙකක නිශ්ෂබ්දතාවයක් පැවැත්වීමෙන් අනතුරුව රණවිරුවන්ගේ ගුණකථනය කිරීමද මෙම අවස්ථාවේදී සිදු විය.
දිවයිනේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාවය සුරකීමේ අරමුණින් දිවිහිමියෙන් සටන් වැද සිය ජීවිත පූජා කළ රණවිරුවන් වෙනුවෙන් පුෂ්පෝපහාර දැක්වීමට රණවිරු ස්මාරකය වෙත ගාම්භීරව ගමන් ගත් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී වෙත එම මාර්ගය දෙපස සිටි යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ගෞරවාචාර පිරිනමනු ලැබිණි. මෙහිදී, එතුමන් විසින් රට වෙනුවෙන් දිවිපිදු රණවිරුවන් සිහිපත් කිරීම සඳහා එම රණවිරු ස්මාරකය අභියස මල් කළඹක් තැන්පත් කර යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව ඊට ආචාර කිරීමද සිදු විය.
අනතුරුව, එතුමන් විසින් හමුදා සම්ප්‍රදායානුකූල බියුගල් නාදය මධ්‍යයේ සිය ආචාරය වීරෝධාර රණවිරුවන් වෙත පුද කළ අතර ඒ සමඟින් එම අනුස්මරණ උත්සවයේ අවසානය සනිටුහන් විය. එමෙන්ම එතුමන් විසින් එහි තිබූ විශේෂ ආරාධිත අමුත්තන්ගේ පොතෙහි සමරු සටහනක් තබමින් රණවිරු ස්මාරකයෙහි සිදු කළ සංචාරය වෙනුවෙන් සමරු සිහිවටනයන් එක් කරනු ලැබීය.
මෙම අනුස්මරණ උත්සවය සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනා සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විශාල පිරිසක් සහභාගී වූහ.
එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී වර්ෂ 2009 මැයි මස 18 දිනට ප්‍රථම මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ අරමුණින් ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පාර්ලිමේන්තුව ඉදිරිපිට ඇති එම ‘රණවිරු ස්මාරකය’ වර්ෂ 2008 ජූනි මස 7 වන දින ස්ථාපිත කරන ලදී. latest Nike release | Jordan Ανδρικά • Summer SALE έως -50%