03rd February 2020 08:00:21 Hours
රුසියාව හා ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් ශ්‍රී ලංකා වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සිදුකරන ලද ආරාධනයක් මත රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් (Oleg Salyukov) පස්දින සංචාරයක් සඳහා අද (3) දින දිවයිනට සම්ප්‍රාප්ත විය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රය වෙත සපැමිණි රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී එම ගුවන්තොටුපල පරිශ්‍රයේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව ගුවන්තොටුපල පරිශ්‍රය තුලදී ශ්‍රී ලංකා යුද්ධ හමුදා සංස්කෘතික කණ්ඩායම් සහ සාම්ප්‍රදායික නර්තන ශිල්පීන් ගේ නර්තන අංගයන් මධ්‍යයේ රතු පලස් මතින් මහත් හරසරින් පිළිගනු ලැබීය.
රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී සහ එම මැතිනිය වන සැලියුකොව් ඉරිනා (Saliukova Irina) ඇතුළු නියෝජිත පිරිස පිළිගැනීමෙන් අනතුරුව මේජර් ජෙනරාල් සත්‍යප්‍රිය ලියනගේ විසින් යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙත ඔවුන් හඳුන්වා දෙන ලදී.
මෙම නියෝජිත පිරිස කොළඹට යාමට ප්‍රථම රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී විසින් ගුවන්තොටුපල ප්‍රභූ විවේකාගාරයේ අමුත්තන්ගේ සමරු සටහන් පොතෙහි සටහනක් ද තැබීය. මෙම සංචාරය අතරතුර දී එම නියෝජිතයින් අතිගරු ජනාධිපතිතුමන් හමුවීම, අගමැතිතුමන් හමුවීම, වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා හමුවීම, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන් හමුවීම, ජයවර්ධනපුර යුද්ධ හමුදා ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීම, සපුගස්කන්ද ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය නිරීක්‍ෂණය, ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානය ඇතුළු වැදගත් ස්ථාන කිහිපයක සංචාරය කිරීම ආදී විශේෂ කර්තව්‍යයන් රැසක් සිදුකිරීමට ද නියමිතය.
මෙම සංචාරය සඳහා එම ජ්‍යෙෂ්ඨ නිලධාරි සමඟින් තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරින් සිවුදෙනෙකු සමඟින් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ඔලෙග් සැලියුකොව් මහතාගේ භාර්යාව වන සලියුකොව් ඉරීනා (Saliukova Irina) මහත්මිය ද සහභාගී වනු ඇත.
ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ උප සභාපතිනි මෙන්ම ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ශිරෝමි ලියනගේ මහත්මිය ද, රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී පිළිගැනීම වෙනුවෙන් ගුවන් තොටුපල පරිශ්‍රය වෙත පැමිණ සිටියා ය. latest Nike release | Nike for Men