Header

Sri Lanka Army

Defender of the Nation

03rd February 2020 15:47:00 Hours

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී ආරක්‍ෂක ලේකම් හමුවෙයි

ද්වීපාර්ශ්වික සුහදත්වය වර්ධනය කරගැනීමේ අරමුණින් රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී අද (03) දින උදෑසන ශ්‍රී ලංකාව වෙත සපැමිණි අතර ඉන් පැය කිහිපයකට පසුව ආරක්‍ෂක අමාත්‍යංශයේ පිහිටි ආරක්‍ෂක ලේකම් කාර්යාලයේ දී ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න හමුවිය.

මෙම හමුව අතරතුර දී, රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී දෙරට අතර සබඳතා වර්ධනය කරමින් සිදු කරනු ලැබූ ද්වීපාර්ශ්වික ක්‍රියාකාරකම් පිළිබඳ සිහිපත් කිරීම මෙන්ම කලාපීය හා ජාතික ආරක්‍ෂාව සම්බන්ධ කරුණු පිළිබඳව ද මෙහිදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙපල සාකච්ඡා කරන ලදී.

රුසියානු ජනරජ භූමි මෙහෙයුම් ප්‍රධානී සහ ආරක්‍ෂක ලේකම් අතර සිදු වූ සමරු තිළිණ හුවමාරුවෙන් අනතුරුව මෙම සුහද හමුව නිමාවට පත්විය. Asics shoes | Men's Footwear