Header

Sri Lanka Army

Defender of the Nation

02nd February 2020 23:50:31 Hours

දියතලාවෙහි නිරෝධායන කටයුතු වලට ලක්වෙමින් සිටින ශ්‍රී ලාංකික උපාධි අපේක්‍ෂකයින් ඔවුන්ට සහය දැක්වූ සියළු පාර්ශවයන්ට සිය හදපිරි ස්තූතිය පුද කරයි

චීනයේ වූහාන් ප්‍රාන්තයේ අධ්‍යාපන කටයුතු වල නිරතව සිටි උපාධි අපේක්‍ෂක සිසු සිසුවියන් 33 දෙනෙකු ඇතුළු කුඩා ළමුන් සිව්දෙනෙකුගෙන් යුතු කණ්ඩායම හුදකලා කර නිරෝධායන සැපයීම සඳහා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව වූහාන් සිට පැමිණි එක් සිසුවෙකු විසින් ඔවුන්ට ලබාදුන් ආගන්තුක සත්කාර හා නිරෝධායන වෙනුවෙන් යුද්ධ හමුදා මාධ්‍ය වෙත සිය අදහස් දක්වමින් අතිගරු ජනාධිපතිතුමන්ට, අගමැතිතුමන්ට, විදේශ සේවා අමාත්‍යංශයට, අමාත්‍යවරුන්ට, තානාපතිවරුන්ට, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට, නාවික හා ගුවන් හමුදාධිපතිවරුන්ට, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලයට, ගුවන් තොටුපලේ කාර්ය මණ්ඩලයට මෙන්ම ඔවුන්ට ශ්‍රී ලංකාව වෙත ආරක්‍ෂිතව ළඟාවීම සඳහා විශිෂ්ඨ කැපවීමක් කළ සියළු පාර්ශවකරුවන් වෙත සිය හදපිරි ස්තූතිය පුද කරනු ලැබීය. තමන්ට පැවරී ඇති වගකීමකට වඩා ඔවුන්ගේ ජීවිත පරදුවට තබා එම සිසුන් වෙනුවෙන් කරනු ලැබූ අපරිමිත කැපකිරීම අගය කළයුතු බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

තවද, දියතලායෙහි හුදකලා කර වළක්වාගැනීමේ සහ නිරෝධායන කටයුතු දින 14 ක කෙටි කාලයක් සිදුකරනු ලබන අතර එම කාලය තුළ ඔවුන් සමඟ සිටින ලෙසත් රඳවාගෙන සිටින කාලය තුළ නිරවද්‍යතාවයෙන් සහ දැඩි සැලකිල්ලෙන් යුතුව ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීම මෙන්ම සලසා දී ඇති පහසුකම් සහ ලබාදෙන රැකවරණය පිළිබඳව යුද්ධ හමුදාව වෙත ප්‍රශංසා කරනු ලැබීය. යුද්ධ හමුදාව වෙතින් සපයන නිරෝධායන සහ වළක්වාගැනීමේ හුදකලා ක්‍රියාවලි වල ප්‍රතිඵලයක් වශයෙන් ඔවුන් කිසිදු ආසාධනයකින් තොරව සිටින බවද ඔහු පවසා සිටියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ සන්දිස්ථානයක් දක්වා දිවෙන මෙම සුවිශේෂී මෙහෙයුම පිළිබඳව ඔහු සේනාධිනායකයාට සහ සියලුම හමුදා නිලධාරීන්ට ස්තූතිවන්ත වු අතර, මෙම ක්‍රියාන්විතය ශ්‍රී ලංකා ඉතිහාසයට එක්වෙන බැවින් ඒ පිළිබඳව යුද්ධ හමුදාධිපතිතුමන් ඇතුළු සියළු යුද්ධ හමුදා සාමාජිකයින්ට තවදුරටත් ඔහුගේ කෘතඥතාවය හිමි විය.

දියතලාවෙහි නිරෝධායන මධ්‍යස්ථානයේ කුටියක රැඳී සිටි එම සිසුවාගෙන් ජංගම දුරකථනයක් හරහා ලබාගත් ශ්‍රව්‍ය පටිගත කිරීමක් පහත දක්වා ඇත: Sport media | adidas