30th January 2020 20:36:46 Hours
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානයේ සේවයේ නියුතු භටපිරිස් වෙනුවෙන් ඔවුන්ගේ පුහුණු වැඩසටහන් වල එක් අංගයක් ලෙස ‘මානසික සෞඛ්‍යය සහ මානසික ආතතියෙන් වැළැක්වීම’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් ඉකුත් බදාදා (29) දින එම මූලස්ථානයේදී පැවැත්විණි.
කිළිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථාන ශ්‍රවනාගාරයේදී පැවති මෙම දැනුවත් කිරීමේ දේශනය, මනෝවිද්‍යාඥ කපිතන් එස්.එම්.පී.කේ සමරකෝන් විසින් මෙහෙයවනු ලැබූ අතර ඒ සඳහා නිලධාරීන් තිදෙනෙකු සහ සෙසු නිලයන් 89 දෙනෙකු සහභාගී වූහ. best Running shoes | Asics Onitsuka Tiger