Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2020 12:17:22 Hours

භකාස අණසක මූලස්ථානයේ ආඥාපතිතුමන් සේවයෙන් නික්ම යයි  

භකාස අණසක මූලස්ථානයේ ආඥාපති මෙන්ම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩී සිරිසේන ඉකුත් බදාදා (29) දින කොස්ගම ප්‍රදේශයේ පිහිටි භකාස අණසක මූලස්ථානයේ දී සිය රාජකාරියෙන් නික්ම යනු ලැබීය.  

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ දශක තුනකට අධික සේවා කාලයක් සම්පූර්ණ කරමින් විශ්‍රාම දිවියට එළඹෙන භකාස අණසක ආඥාපතිතුමන් වෙත යුද්ධ හමුදා සාමාජිකයින් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු සම්මාන ආචාර මුරයක් සහ සම්මාන ආචාර පෙළපාලියක් පිරිනමනු ලැබිණි. එතුමන්ගේ විශ්‍රාම යාම වෙනුවෙන් නිල තේ පැන් සංග්‍රහයක් පවත්වනු ලැබූ අතර රාත්‍රි පැවති භෝජන සංග්‍රහයෙන් අනතුරුව මෙදින වැඩ කටයුතු සමාප්ත විය.  

මෙම උත්සවය සඳහා භකාස අණසක මූලස්ථානයේ මධ්‍යස්ථාන සේනාවිධායක ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් මෙන්ම නිලධාරින් සහ සෙසු නිලයින් විශාල පිරිසක් ද සහභාගී විය.  

මේ අතර, එතුමන් දියතලාව හි පිහිටි 7 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකා ඒකකය වෙතද විශ්‍රාම පුර්ව සංචාරයක යෙදුනු අතර එහිදි යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමඟ සුහද පිළිසඳරක නිරත වෙමින් සිය සමුගැනීම සනිටුහන් කරනු ලැබීය. affiliate tracking url | NIKE HOMME