Header

Sri Lanka Army

Defender of the Nation

31st January 2020 14:06:46 Hours

යුද්ධ හමුදා සාමාජිකයින් අක්කරායන්කුලම් කොවිල් පරිශ්‍රයේ කොහොඹ පැල සිටුවයි

652 වන බලසේනාව යටතේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින්ඉකුත් සඳුදා (27) දින කිලිනොච්චිය, අක්කරායන්කුලම් හින්දු කෝවිල් පරිශ්‍රයන්හීකොහොඹ පැළ සිටුවීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනු ලැබීය.

මෙම වැඩසටහන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව යුද්ධ හමුදාවේ ‘තුරු මිතුරු - නව රටක්,පැළ සිටුවීමේ ව්‍යාපෘතියට සමගාමීව සිදු කරන ලදී.

මෙම ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන උත්සවය අක්කරයන්කුලම් පිල්ලෙයාර් හින්දු කෝවිල් පරිශ්‍රයේදී පැවැත්වූ අතර එහි පළමු අදියර යටතේ (27) දින 7 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුවේ යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ප්‍රදේශයේ හින්දු කෝවිල් 17 ක් ආවාරණය වන පරිදි කොහොඹ පැළ 100 කට අධික ප්‍රමාණයක් රෝපණය කරන ලදී.

එහි ප්‍රධාන උත්සවය 65 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ඩී.එම්.එච්.ඩී බණ්ඩාර ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබු අතර එම අවස්ථාව සඳහා අක්කරායන්කුලම් පිල්ලෙයාර් කෝවිල් ප්‍රධාන පූජක, අක්කරායන්කුලම් රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී, 652 බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඩබ්ලිව්.එල්.ඒ.සී පෙරේරා සහ පරිසර ක්‍රියාකාරීන් පිරිසක් සහභාගී විය.

මෙම ව්‍යාපෘතිය කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත ගුණරත්න ගේ සුභපැතුම් සමගින් මහජන සම්බන්ධතා වැඩිදියුණු කිරීම සහ පොදු අවබෝධය සහ අන්‍යෝන්‍ය සහයෝගීතාව වර්ධනය කිරීමේ අරමුණින් දියත් කරන ලදී. best Running shoes | Nike, adidas, Converse & More