Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2020 11:47:22 Hours

‘ඔලිම්පික් ක්‍රීඩා කටයුතු’ පිළිබඳ ප්‍රවීණයින් විසින් යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැනුවත් කරයි

යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ අධ්‍යාත්මික සංවර්ධනය සහ ඔවුන්ගේ දැණුම වැඩිදියුණු කිරීමේ අරමුණින් වැඩබලන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් පරිදි බටහිර ආරක්‍ෂක සේනා ආඥාපති සහ මළල ක්‍රීඩා සම්මේලනයේ සභාපති මේජර් ජෙනරාල් මහින්ද මුදලිගේ ඇතුළු යුද්ධ හමුදා ක්‍රීඩා ප්‍රවීණයන් කිහිප දෙනෙකු විසින් ‘ක්‍රීඩාව හා ඔලිම්පික් දැක්ම’ යන තේමාව යටතේ අධ්‍යාපනික දේශන වැඩමුළුවක් සංවිධානය කර තිබිණි.

ඒ අනුව, ක්‍රීඩක කීඩිකාවන් 100 කට අධික පිරිසකගේ සංවිධානයෙන් පැවති මෙම දේශණයේ දී අදාළ විෂයය පිළිබඳ දේශණ ඉදිරිපත් කිරීම සඳහා ජාතික ක්‍රීඩා සංගමයේ සභාපති සහ හිටපු යුද්ධ හමුදාධිපති (විශ්‍රාමික) ජෙනරාල් දයා රත්නායක, ජාතික ඔලිම්පික් කමිටුවේ ගෘප් කපිතන් (විශ්‍රාමික) නලින් ද සිල්වා මහතා සහ ජ්‍යෙෂ්ඨ ඔලිම්පික් මළල ක්‍රීඩිකා දමයන්ති දර්ශා මහත්මිය සහභාගී වූහ.

පනාගොඩ ශ්‍රී ලංකා පාබල රෙජිමේන්තු මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී ඉකුත් බදාදා (29) දින පැවති මෙම දේශණය සඳහා ක්‍රීඩා අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් පී.එම්.එල් චන්ද්‍රසිරි ද සහභාගී විය.

මෙහිදී, ග්‍රීසියේ ඔලිම්පික් නගරයෙන් ලද ආභාෂය පිළිබඳව අවධානය යොමු කරමින් මෑතකාලීන ඔලිම්පික් ක්‍රීඩාව පිළිබඳ සඳහන් ‘ඔලිම්පික් දර්ශනය’ යන තේමාව ඔස්සේ ද මෙම දේශණයේදී කරුණු සාකච්ඡාවට භාජනය විය. මෙම දේශන වාරයන් සඳහා ජයනි හේරත්, තිලිණි රත්නායක, සහරා පෙරේරා, දහම් යකන්දාවල ඇතුළු ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ද සහභාගී වූහ. Running sports | 【海外近日発売予定】 サウスパーク × アディダス オリジナルス キャンパス 80S "タオリー" (GZ9177) - スニーカーウォーズ