Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2020 17:38:36 Hours

පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්ව මියගිය පුද්ගලයෙකුගේ ඥාතීන්ට යුද්ධ හමුදාව නව නිවසක් ඉදිකර දෙයි

කැපිටල් මහාරාජා සංවිධානයේ අනුග්‍රහකත්ව ඇතිව පාස්කු ඉරිදා ප්‍රහාරයට ලක්වූවන් සඳහා යුද්ධ හමුදාව විසින් මීගමුව, අක්කර 50, කන්දසුරිඳුගම ඉදිකරනු ලැබු ‘සිහින මන්දිරය’ ඉකුත් අඟහරුවාදා (28) දින පැවති උත්සවයකදී අදාළ පවුලේ සාමාජිකයින් වෙත භාරදෙන ලදී.

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් පියතුමා සහභාගී වු අතර වර්ෂ 2019 අප්‍රේල් මස 21 වන දින කටුවපිටිය පල්ලියට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පෙර නිවසක් නොමැතිව නිවසක් පිළිබඳ සිහින දකිමින් සිටි 16 හැවරිදි ජනීෂ විදූෂාන් දරුවාගේ ජීවිතය හදිසි ප්‍රහාරයෙන් අහිමි වූ අතර එම සිහිනය මෙමගින් සැබෑවක් බවට පත්විය.

මියගිය දරුවාට උපහාරයක් ලෙස එම පවුල වෙනුවෙන් මෙම ‘සිහින මන්දිරය’ ඉදිකිරීමට ‘සිරස’ මාධ්‍ය ජාලය සමඟ කැපිටල් මහරාජා සංවිධානය ඉදිරිපත් වූ අතර නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලද්දේ යුද්ධ හමුදාව විසිනි.

මෙම ව්‍යාපෘතියේ මානුෂීය භාවය සැලකිල්ලට ගනිමින් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී මෙන්ම යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා නිවසේ ඉදිකිරීම් කටයුතු සිදු කරන ලෙස ඉංජිනේරු සේවා බලකායට සහ 2 වන (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා බලකයේ යුද්ධ හමුදා සාමාජිකයින්ට අවශ්‍ය උපදෙස් ලබා දුන් අතර සිහින නිවස එම භටපිරිස් හී සුරතින් ගොඩනැගිනි.

ඒ අනුව, දින 40 කට අඩු කාලයක් තුළ භටපිරිස් විසින් මෙම නිවසේ ඉදිකිරිම් කටයුතු නිමකරන ලද අතර යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් පරිදි අවැසි සියළු කටයුතු නිසි පරිදි සැකසුම් කරන ලදී.

නිවස විවෘත කිරිමේ උත්සවය සඳහා යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් 141 වන බලසේනාවේ බලසේනාධිපතිතුමන්, අනුග්‍රාහක නියෝජිතයන් සමඟ සහභාගී වූ අතර, එහිදී ජනිෂ විදුෂාන් පුතුගේ දෙමාපියන්ට නව නිවසේ යතුරු භාර දෙනු ලැබීය.

මෙම නිවසේ ගොඩනැගීම් කටයුතු වර්ෂ 2019 දෙසැම්බර් 18 වන දින ඉදිකිරීම් කටයුතු ආරම්භ කරන ලද අතර වර්ෂ 2020 ජනවාරි මස 27 වන දින ඉතා සාර්ථක ලෙස ඉදිකිරිම් කටයුතු අවසන් කරන ලදී.

නව නිවස විවෘත කිරීමේ උත්සවයට අනුග්‍රාහක නියෝජිත නිලධාරීන්, යුද්ධ හමුදා නිලධාරීන්, ජීවිතක්‍ෂයට පත්වූ දරුවාගේ පවුලේ ඥාතීන්, ආරාධිතයින් සහ ප්‍රදේශයේ සිවිල් වැසියන් පිරිසක් සහභාගී වූහ. latest Running | Women's Nike Superrep