Header

Sri Lanka Army

Defender of the Nation

29th January 2020 12:47:22 Hours

උපාධි අපේක්‍ෂකයින් ‘අභිමංසල - 3’ රණවිරු සුවතා නිකේතනයෙහි සංචාරයක

කොළඹ ‘ලියෝ සමාජය’ හි (ලියෝ දිස්ත්‍රික් 306 සී) (Leo District 306 C) විශ්වවිද්‍යාල උපාධි අපේක්ෂකයින් 45 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඔවුන් සම්බන්ධ වී සිටින ‘ලියෝ අභිමානක අභිමුව’ නැමැති සුහද ව්‍යාපෘතියේ තුන්වන අදියර යටතේ ඉකුත් ඉරිදා (26) දින රට, ජාතිය, ආගම බේරාගැනීමට දිවිහිමියෙන් සටන් කර සිය දෑත් දෙපා සහ මතකයන් පවා අහිමිව දැනට රණක්‍ෂිත තත්ත්වයේ පසුවන වීරෝධාර රණවිරුවන් වෙනුවෙන් සිය කෘතඥතාවය පළකිරීම සඳහා පාන්ගොල්ල හි පිහිටි ‘අභිමන්සල 3’ යුද්ධ හමුදා සුවතා නිකේතනයෙහි  නේවාසිකව සුවය ලබන රණවිරුවන් සමඟ ප්‍රීතිමත් සැඳෑවක් වෙනුවෙන් විනෝද විම සඳහා කාලය වෙන් කරගත්හ.

මෙම ව්‍යාපෘතිය අතරතුර, එම උපාධි අපේක්‍ෂක තරුණ තරුණියන් 45 දෙනා ‘අභිමංසල 3’ හි නේවාසික රණවිරුවන් සමඟ එක්ව ගීත ගායනා කරමින් විනෝද වූ අතර තවද, ඔවුන් සමඟ විවිධ ක්‍රිඩා ඉසව්වල නිරත වෙමින් එක පවුලක සාමාජික සාමාජිකාවන් මෙන් එදින මහත් ප්‍රීතියෙන් ගත කරනු ලැබීය.

තවද, මෙම අවස්ථාවේදී අඹේපුස්ස පිහිටි 1 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු සංගීත කණ්ඩායමේ මියුරු සංගීතයට ගායන හා නර්තන අංගයන් ඉදිරිපත් කරමින් ‘අභිමංසල 3’ හි නේවාසික රණවිරුවන් සහ එම අවස්ථාවට සපැමිණි තරුණ තරුණියන් එක්ව එදින ගතකරනු ලැබිණි.  

එම සුවතා නිකේතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබන රණවිරුවන්ට අවශ්‍ය ඖෂධ ලබාදීම වෙනුවෙන් නව ලෝහ ට්‍රොලියක් පරිත්‍යාග කිරීම ද එම උපාධි අපේක්ෂක අපේක්‍ෂිකාවන් අතින් සිදුවිය. Running sneakers | Cactus Plant Flea Market x Nike Go Flea Collection Unveils "Japan Made" Season 4