Header

Sri Lanka Army

Defender of the Nation

27th January 2020 10:00:59 Hours

වන්නි ආඥාපතිතුමන් සහ භකාස අණසක ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි පසුගිය දා ගල්කුලම ප්‍රදේශයේ පිහිටි 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා ඒකකයේ විධිමත් සංචාරයක නිරත විය.

එම ඒකකය වෙත සපැමිණි වන්නි ආඥාපතිතුමන් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එම්.එම්.එම්.පී මහේෂ් කුමාර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූ අතර එම ඒකකයේ කාර්යභාර්යන් පිළිබඳව වන්නි ආඥාපතිතුමන් වෙත සවිස්තරාත්මක විස්තරයක් ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර, භකාස අණසක ආඥාපති හා ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඩී.කේ.ජී.ඩී සිරිසේන ද තම විශ්‍රාම දිවියට එළඹීමට ප්‍රථම ඉකුත් ඉරිදා (26) දින එම ඒකකයේ විධිමත් සංචාරයක නිරත විය.

මෙම සංචාරය අතරතුර දී, එම ජ්‍යෙෂ්ඨ නිලධාරිතුමන්ට කදවුරු සම්මාන ආචාර මුරයක් පිරිනැමූ අතර එතුමන් විසින් කඳවුරු පරිශ්‍රයේ පැළයක් රෝපණය කරමින් එදිනට සැමරුම් එක් කරනු ලැබීය. පසුව, එතුමන් විසින් එම ඒකකයේ සියළුම නිලධාරින් සහ සෙසු නිලයින් ආමන්ත්‍රණය කරනු ලැබූ අතර ඉන් අනතුරුව, සියළු නිල තේ පැන් සංග්‍රහයක් සඳහා ද එක්විය. latest Running Sneakers | Sneakers