Header

Sri Lanka Army

Defender of the Nation

24th January 2020 20:30:45 Hours

වන්නි ආඥාපතිතුමන් ඉංජිනේරු බලසේනාවෙහි සංචාරයක නිරත වෙයි

වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ඉකුත් සෙනසුරාදා (25) දින බූ ඔය ප්‍රදේශයේ පිහිටි ඉංජිනේරු බලසේනාවෙහි සිය ප්‍රථම නිල සංචාරය සිදු කල අතර එහිදී, කඳවුරු සම්මාන ආචාර මුරයක් පිරිනමමින් එතුමන් වෙත ගෞරවාචාරය පිරිනමනු ලැබිණි.

එම බලසේනාවෙහි බලසේනාධිපති බ්‍රිගේඩියර් ඒ.එන් අමරසේකර විසින් සංචාරයෙහි නිරත වන්නි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් පිළිගනු ලැබූ අතර එම බලසේනාවෙහි කාර්යභාරය පිළිබඳ සවිස්තරාත්මක විස්තරයක් ද එතුමන් වෙත ඉදිරිපත් කරනු ලැබීය. වන්නි ආඥාපතිතුමන් විසින් මෙම සංචාරයට සමගාමීව එම කඳවුරු පරිශ්‍රයේ පැළයක් ද රෝපණය කරන ලදී.

මෙදිනට නියමිත කටයුතු වෙනුවෙන් එම බලසේනාවෙහි සේවයේ නියුතු ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද සම්බන්ධ විය. Buy Sneakers | Sneakers Nike Shoes