26th January 2020 21:55:00 Hours
මධ්‍යම ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 11 වන සේනාංකයේ භටපිරිස් මෙන්ම සිවිල් ජනතාව ‘මී මැසි පාලනය’ පිළිබඳ දැනුවත් කිරීමේ දේශනයක් පැවැත්වීමට එම ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් පියවර ගනු ලැබිණි.
පල්ලෙකැලේ ප්‍රදේශයේ පිහිටි 11 වන සේනාංක මූලස්ථානයේ දී ඉකුත් බදාදා (22) දින එහි පළමු දේශනය ආරම්භ වූ අතර එම දේශනය සඳහා නිලධාරීන් 10 දෙනෙකු ඇතුළු යුද්ධ හමුදා භටපිරිස් 110 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වූහ.
මෙම දේශනය, 11 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් සෙනරත් බණ්ඩාර ගේ උපදෙස් මත සංවිධානය කරනු ලැබූ අතර ‘බිඟු සම්පත් සංරක්‍ෂණ සංවිධානයේ’ ලේකම් තිස්ස බණ්ඩාර මහතා විසින් ඉදිරිපත් කරන ලදී. Best Sneakers | nike air jordan lebron 11 blue eyes black people