Header

Sri Lanka Army

Defender of the Nation

28th January 2020 14:00:59 Hours

21 වන සේනාංකය මිහින්තලේ ප්‍රදේශයේ පාසල් සිසු සිසුවියන් පිරිසකට පාසල් උපකරණ පරිත්‍යාග කරයි

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ඇති 21 වන සේනාංක මූලස්ථානයේ මූලිකත්වයෙන් අනුරාධපුර, මිහින්තලේ පිහිටි නැටියාගම විද්‍යාලයේ තෝරාගත් සිසුන් 75 දෙනෙකු සඳහා 2020 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් උපකරණ සහ ලිපි ද්‍රව්‍ය තොගයක් ඉකුත් ඉරිදා (26) දින එම සිසුන් අතරේ බෙදාදෙනු ලැබීය.

වන්නි ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් දියත් කරන ලද ප්‍රජා ව්‍යාපෘතියක් වන මෙම පරිත්‍යාග වැඩසටහන රජරට විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පවත්වනු ලැබු අතර වන්නි ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රෝහිත ධර්මසිරි ගේ උපදෙස් මත 21 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ ගේ සම්බන්ධීකරණය මත සිදු කරනු ලැබීය.

21 වන සේනාංකයේ විසින් සංවිධානය කරනු ලැබු මෙම වැඩසටහන සඳහා 212 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් අනිල් පීරිස් ගේ සංවිධායකත්වයෙන් කැනඩාවේ පදිංචි දානපතියන් දෙදෙනෙකු වන මහින්ද බණ්ඩාර දිසානායක මහතා සහ ජයන්ති දිසානායක මහත්මිය විසින් මූල්‍ය අනුග්‍රහය දක්වනු ලැබිණි.

රජරට විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ පැවති එම වැඩසටහන සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස 212 වන බලසේනාවේ බලසේනාධිපති මේජර් ජෙනරාල් කුමාර් ජයපතිරණ සහභාගී වූ අතර එහිදි එතුමන් සිසු සිසුවියන් දිරිමත් කරමින් පාසල් උපකරණ බෙදාදෙන ලදී.

විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජීවත්වන වැසියන් වෙනුවෙන් නිවාස ඉදිකිරීම, සිසු සිසුවියන්ට පාසල් උපාකරණ බෙදා දීම, පානීය ජලය පිරිසිදු කිරීමේ ඒකක සැපයීම සහ වෙනත් විවිධ සුභසාධන යෝජනා ක්‍රම ඇතුළු ප්‍රජා ව්‍යාපෘති රැසකට වන්නි ආරක්‍ෂක සේනා මුලස්ථානය පසුගිය වසර කිහිපය තුළ දායක වී ඇත.

මෙම බෙදාහැරිමේ උත්සව අවස්ථාව සඳහා සහකාර සැලසුම් අධ්‍යක්‍ෂ, මිහින්තලේ ප්‍රාදේශීය ලේකම්, සහකාර රෙජිස්ට්‍රාර් සහ මිහින්තලේ රජරට විශ්වවිද්‍යාලයෙහී ජ්‍යෙෂ්ඨ සහකාර රෙජිස්ට්‍රාර්, මිහින්තලේ පොලිස් ස්ථානාධිපති ඇතුළු නැටියගම පාසලේ විදුහල්පති හා ගුරුවරුන්, 7 වන ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බලකායේ අණදෙන නිලධාරී, 21 වන සේනාංකයේ සිවිල් සම්බන්ධිකරණ නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද සහභාගී වූහ. jordan Sneakers | Jordan Ανδρικά • Summer SALE έως -50%