28th January 2020 12:11:51 Hours
මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ උපදෙස් පරිදි 59, 64 සහ 68 යන සේනාංක මූලස්ථාන පරිශ්‍රයන්හි ‘මී මැසි පාලනය’ පිළිබඳ අධ්‍යාපන වැඩමුළු කිහිපයක් සංවිධානය කර තිබිණි. ඉකුත් ජනවාරි (25) දින පැවති මෙම අධ්‍යාපන වැඩමුළුව වෙනුවෙන් සිවිල් වැසියන් දෙසියකට වැඩි පිරිසක් හා ආරක්‍ෂක හමුදා සාමාජිකයින් විශාල පිරිසක් ද සහභාගී වූහ.
මුලතිව් ආරක්‍ෂක සේනා මූලස්ථානයේ ඉල්ලීම පරිදි කෘෂිකර්ම අධ්‍යක්‍ෂ කාර්යාලයේ සී. ධම්මි ආරච්චි මහත්මිය විසින් එම දේශන පැවැත්වීය.
මෙම වැඩසටහන් මාලාවට මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන් ඇතුළු 59, 64 සහ 68 යන සේනාංකවල සේනාංකාධිපතිවරුන් ද සහභාගී වූහ.
ස්වයං රැකියාවක් ලෙස අමතර ආදායම් උපයාගැනීමේ අරමුණින් මී මැසි පාලනය පිළිබඳ විධිමත් අධ්‍යනයක් සිදුකිරීම මෙහි අරමුණයි.
මෙම ව්‍යාපෘතිය සඳහා එම සේනාංක මූලස්ථානයේ නිලධාරීන් 18 දෙනෙකු සහ සෙසු නිලයින් 200 කට වැඩි පිරිසක් සහභාගී වූහ. latest Nike Sneakers | Men’s shoes