27th January 2020 14:00:59 Hours
මුලතිව් ප්‍රදේශයේ සිවිල් වැසියන්ගේ රසාස්වාදය වෙනුවෙන් පැවැත්වූ සංගීත ප්‍රසංගයක් ඉකුත් (25) සිකුරාදා දින පැවැත්විණි. මෙහිදී, ජනප්‍රිය යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක් වන ‘හයිලෑන්ඩර්ස්’ හි සංගීතයෙන් සංගීතවත් වූ ප්‍රසංගයක් පවත්වනු ලැබීය. මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න ගේ මඟපෙන්වීම යටතේ අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
ආරක්‍ෂක සේනා මූලස්ථානයන්හි සේවයේ නියුතු ආරක්‍ෂක හමුදා සාමාජිකයින් සහ ප්‍රදේශවාසී සිවිල් පුරවැසියන් අතර අන්‍යෝන්‍ය සුහදතාවය වර්ධනය කිරීමේ අරමුණින් මෙම සංගීත ප්‍රසංගය කර්නටකානී ප්‍රදේශයේ පිහිටි කෝකිලායි ක්‍රීඩාංගනයේදී පැවැත්විණි.
මෙම දැවැන්ත සංගීත ප්‍රසංගය රසගැන්වීම වෙනුවෙන් සූරිය කුමාර් මුත්තලගේ, එම් කලාවතී, ජෝර්ජ් සේනානායක, චාන්දනි සිල්වා සහ ‘රණවිරු රියල් ස්ටාර්ස්’ හි තරඟවැදුනු කලාකරුවන් රැසක් සහභාගී වූ අතර එය නැරඹීම වෙනුවෙන් අතිවිශාල ජනකායක් පැමිණ තිබිණි. තවද, ‘ප්‍රවීනා’ සහ ‘ෂයින් ගර්ල්ස්’ නර්තන කණ්ඩායම් මගින් ඉදිරිපත් කරන ලද දැකුම්කළු නර්තනාංගයන්ගෙන් වඩාත් විචිත්‍රවත් වූ මෙම ප්‍රසංගයේ නිවේදන කටයුතු වෙනුවෙන් නදීක කරුණානායක සහ සෙන්දිල් නාදන් යන නිවේදකයන්ගේ නොමසුරු දායකත්වය ලබා දී තිබිණි.
593 බලසේනාවේ බලසේනාධිපති කර්නල් වසන්ත පාලම්කුඹුර විසින් ලබා දුන් මාර්ගෝපදේශ මත එම බලසේනාවේ භටපිරිස් විසින් මෙම වැඩසටහන සංවිධානය කරන ලදී.
මෙම වැඩසටහන 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ප්‍රියන්ත පෙරේරා ගේ අධීක්‍ෂණය මත සිදු කරන ලදී.
ප්‍රසංගයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මුලතිව් ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජයන්ත සෙනෙවිරත්න සහභාගී විය.
සංගීත ප්‍රසංගය නැරඹීමට විවිධ ආගම් නියෝජනය කරමින් පූජකවරුන්, ඉදිරි නඩත්තු පෙදෙස - මුලතිව් අණදෙන නිලධාරිතුමන්, සේනාංකයන්හි සේනාංකාධිපතිවරුන්, බලසේනාධිපතිවරුන්, නාවික හමුදා, ගුවන් හමුදා මෙන්ම පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, රජයේ නිලධාරීන්, ප්‍රජා නායකයින් ඇතුළු ප්‍රදේශවාසී තරුණ තරුණයින් අතිවිශාල පිරිසක් එක් වූහ. Authentic Nike Sneakers | Sneakers